මෙවර පළාත් සභා මැතිවරණයේදී ගතවූ දින කිහිපය තුළදි මැතිවරණයට අදාලව පැමිණිලි 160 ක් ලැබී ඇති බව කැෆේ සංවිධානය පවසයි. ඒ අතරින් පැමිණිලි 156ක්ම ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සඳහා වන බවද කැෆේ සංවිධානය පවසයි. ඉතිරිය ප්රචණ්ඩ ක්රියා බවද ඔවුන් පෙන්වා දෙයි.
වැඩිම පැමිණිලි ප්රමාණයක් ලැබී ඇත්තේ බස්නාහිර පළාතෙන් බවත් එම අගය 113ක්වන බවත් කැෆේ සංවිධානය පෙන්වා දෙයි. කොළඹ දිස්ත්රික්කයෙන් පමණක් ලැබී ඇති පැමිණිලි ප්රමාණය 53ක් බවද එම සංවිධානය පෙන්වා දෙයි.