මැතිවරණ ප්රතිසංස්කරණයක් අවශ්‍ය බවත් ජනතාවත් ඡන්ද ක්රමයේ වෙනසක් සිදු කරන ලෙස ඉල්ලන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය. ආසන ගණන වැඩි කරනවාට මගේ විරුද්ධත්වයක් නැහැ. නමුත් ආසන ගණන අඩු කරනවාට කැමති නැහැ. පාර්ලිමේන්තුව විසුරුවා හරින්න ඔන්න මෙන්න කියා තියෙන අවස්ථාවේ අපට බැරි වුණා 20 සම්මත කරගන්න. නීති සම්පාදකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන්, මූල්‍ය පාලනය පිළිබඳ දැනුමක් ඇති පාර්ලිමේන්තුවක් අපට අවශ්‍යයි. 100%ක් අංග සම්පූර්ණ මැතිවරණ ක්‍රමයක් හදන්න බැහැ. ප්‍රධාන පක්ෂ දෙක අනුපාත ක්‍රමයකට යන්න තීරණයක් ගත්තා. ලෝකයේ තියෙන සාධාරණ ක්‍රමය අනුපාත ක්‍රමයයි. මැතිවරණ ක්‍රමය ගැන අවුරුදු ගණනක් අප සාකච්ඡා කළා. මනාප ක්‍රමය වැරදියි. මනාප ක්‍රමය නතර කරන්න කියලා මුළු රටේ හැමෝම ඉල්ලා සිටිනවා යනුවෙන් පැවසුයේ මැතිවරණ ක්‍රමය පිළිබඳ ඊයේ (23) ආරම්භ කරන ලද සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව පිළිබඳ විවාදයේ දෙවන දිනය වන අද (24) පාර්ලිමේන්තුවේදී විවාදයට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.