පළාත් පාලන මැතිවරණයට අදාළ සියලුම ප්රචාරක කටයුතු අද (07දා) මධ්‍යම රාත්‍රී 12.00ට අවසන් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
අද රාත්‍රී 12.00න් පසු ගෙයින් ගෙට ගොස් ඡන්ද කටයුතු කිරීම පවා තහනම් බවත්, මාධ්‍ය මගින් දැන්වීම් පළකරමින් ප්රචාරක කටයුතු සිදු කිරීමද තහනම් බව අතිරේක මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේය.
අද (07දා) දිනයේ පැවැත්වෙන මැතිවරණ ප්රචාරක රැලිවල තොරතුරු හෙට (08දා) දිනයේදී පුවත්පත්වල පළ කිරීමට අවසර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
මෙවර මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා විදේශීය නියෝජිතයන් දසදෙනෙකු ගෙන්වීමට තීරණය කළ බවද එම්.එම්. මොහොමඩ් මහතා සඳහන් කළේය.
මේ අනුව ඉන්දියාවෙන් නියෝජිතයන් හතර දෙනෙකු සහ කොරියාවෙන් නියෝජිතයන් දෙදෙනා බැගින් ගෙන්වීමට කටයුතු කරන බවද ඔහු පවසා සිටියේය.
අද රාත්‍රී 12.00න් පසු මැතිවරණ ප්රචාරක කටයුතු සිදු කරන පක්ෂ, අපේක්ෂකයන් සහ පක්ෂ නියෝජිතයන් පිළිබඳ සොයා බැලීමට මැතිවරණ කොමිසම වැඩපිළිවෙළක් සකස් කර තිබෙන අතර, නීති උල්ලංඝනය කරන පිරිස්වලට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටද සැලසුම් කර තිබේ.