මැතිවරණය ප්රකාශයට පත්කළ දින සිට මැතිවරණ නීති උල්ලංඝනය කරන පිරිස් අත්අඩංගුවට ගැනීමට සිදුකළ පොලිස් මෙහෙයුම් 64 කින් සැකකරුවන් 151 ක් පොලිස් අත්අඩංගුවට පත්ව සිටිති.
මැතිවරණ නීති ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පොලීසිය සිදුකළ මෙම මෙහෙයුම් තවදුරටත් ක්රියාත්මක කරන ලෙස සහ සිදුකළ මෙහෙයුම්වලට ප්රශංසාව පිරිනමා අද (26දා) දහවල් 12.00 ට සියලුම පොලිස් ස්ථාන වෙත පොලිස්පතිවරයා විසින් ප්රශංසා පණිවිඩයක් යවා ඇත.