මැතිවරණ ප්රචාරක කටයුතුසියල්ල අද (07) රාත්‍රී 12.00ට අවසන් කළයුතු බවත්, එසේ සිදුනොකරන සියලු දෙනාම අත්අඩංගුවට ගන්නා බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම නීතිය උල්ලංඝනය කරන සියලුම දෙනා අත්අඩංගුවට ගෙන අධිකරණවලට ඉදිරිපත් කරන ලෙසට පොලිස් ස්ථානවෙත දැනුම්දී තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා අද (07) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
මීට අමතරව අපේක්ෂකයා ගමන්ගන්නා වාහනයේ පවා බැනර්, පෝස්ටර් ප්‍රදර්ශනය කළ නොහැකි බවත්, එහෙත් ධජයක් ප්‍රදර්ශනය කිරීමට අවසර තිබෙන බවත් ඔහු පවසා සිටියේය.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනාව මත මේ වනවිට 481 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇතැයිද හෙතෙම සඳහන් කළේය.