ජනවාරි 08 වැනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ රාජකාරි කටයුතු සඳහා යොදවන සෑම පොලිස් නිලධාරියෙකුටම ටී.56 ගිනිඅවි ලබාදීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබේ.
මේ අනුව සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම ගිනිඅවි සහිත පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තා පොලිස් නිලධාරිනියක යෙදවීමට සැලසුම් කර ඇත.
මීට අමතරව ඡන්ද මධ්‍යස්ථාන හතරක් ඒකාබද්ධ කරමින් ආයුධ සන්නද්ධ පොලිස් නිලධාරීන් සහිත පොලිස් රථයක් යෙදවීම කෙරෙහිද අවධානය යොමුව තිබේ.