සියලුම දේශපාලන පක්ෂයන්හි වාර්ෂික ආදායම් සහ වියදම් වාර්තා මේමස 29 වැනිදා ට පෙර තමන් වෙත ලබා දෙන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශපි‍්‍රය මහතා සියලු පිළිගත් දේශපාලන පක්ෂවලට දැනුම්දීයි.
ඒ අනුව 2015 වර්ෂයට අදාළ සියලුම ආදායම් සහ වියදම් වාර්තා පිළිගත් දේශපාලන පක්ෂ විසින් මැතිවරණ කොමිසම වෙත ලබාදිය යුතුය. අදාළ වර්ෂයේදී පක්ෂයට ලැබුණු සමස්ත ආදායම සහ එම ආදායම ලැබුණු ආකාරය අදාළ ලේඛනයේ සටහන් විය යුතුය බව කොමසාරිස්වරයා දන්වාතිබේ.