කතරගම මැණික් ගඟේ දියනෑමට ගිය පුද්ගලයෙකු අද (02දා) උදෑසන කිඹුලෙකුගේ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇත.
	අද 10.20 ට පමණ කතරගම පොලීසිය එම පුද්ගලයාගේ මළසිරුර සොයාගෙන ඇති අතර, පුද්ගලයා පිළිබඳව අනන්‍යතාව හෙළිකර ගැනීමට නොහැකි වූ බව කතරගම පොලීසිය පවසයි.
	කතරගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ  පවත්වයි.
	ආරියපාල රත්නායක - කතරගම