ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් දිවයින පුරා හඳුනාගෙන ඇති මැණික් ඉඩම් සහිත ප්‍රදේශ තුළ වෙනත් කිසිදු ඛනිජ ද්‍රව්‍යයක් ගවේෂණය කිරීම සඳහා බලපත්‍ර නිකුත් නොකිරීමට පරිසර හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය තීරණය කර තිබේ.
තවද විදේශ ආයෝජන සමාගම් සඳහා කිසිදු හේතුවක් මත මැණික් ඉඩම් ප්‍රදේශවල ඛනිජ ද්‍රව්‍ය ගවේෂණය සඳහා බලපත්‍ර නිකුත් නොකිරීමට අමාත්‍යාංශය තීරණය කර ඇතැයිද නිවේදනයක් මගින් එම අමාත්‍යාංශය දන්වා සිටියි.