මැතිවරණ කොමසාරිම් මහින්ද දේශප්‍රිය මහතා හා මැතිවරණ දෙපාර්තමේන්තුව තමන්ට විශ්වාස බවත් 'කොම්පියුටර් ජිල්මාට්' කිරීමට ඉඩක් නැති බවත් පොදු අපෙක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
මාධ්‍ය ප්‍රධානීන් හා පැවැති හමුවකදී හෙතෙම මෙම අදහස් ප්‍රකාශ කළේය.
එසේම තමන්ට ජනපති වීමෙන් පසුව අරලිය ගහ මැඳුරට හෝ ජනපති මැඳුරට යාමට අවශ්‍ය නොවන බවත්, ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනපතිවරයෙකු සඳහා අවශ්‍ය සියලුම් සම්පත් පවතින හෙයින් ජනපතිධුරයේ වගකීම් එහි සිට ඉටුකළ හැකි බවත් පැවැසීය.
එසේම තමන්ට රැදී සිටිම සඳහා තම නිවස පමණක් ප්‍රමාණවත් බවද හෙතෙම සඳහන් කළේය.