හම්බන්තොටකටුවැව ‘සමරකෝන්’ වැව ආසන්නයේ කැළෑ ප්රදේශයක වළක වැටී සිටි මාස තුනක පමණ වයසැති අලි පැටවෙකු බේරාගැනීමට හම්බන්තොට වනජීවී නිලධාරීන් විසින් අද (26දා)පෙරවරුවේ කටයුතු කෙරිණි.
කුඩා අලිපැටවෙකු වළකවැටී සිටින බවට වනජීවී නිලධාරීන්ට ප්රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරකට අනුව අලි පැටවා බේරාගැනීමේ මෙහෙයුම දියත් කළ බව හම්බන්තොට වනජීවී කාර්යාලයේ අඩවි සහකාර විජය කුමාර මහතා පවසා සිටියේය .
අලි පැටවා බේරාගැනීමට එම ස්ථානයට ගිය අවස්ථාවේ මවු ඇතින්නිය එම ස්ථානයේ රැඳී සිටි නිසා අලි පැටවා බේරාගැනීමට අපහසු වුවද, පසුව මවු ඇතින්නිය එළවා දමා පසුව අලි පැටවා බේරාගෙන මවු ඇතින්නිය ගිය ප්රදේශයට මුදාහැරීමට කටයුතු කළබවත්, අලි පැටවා මවු ඇතින්නිය සමග එක්වූයේද යන්න පිළිබඳ නිරන්තරයෙන් සොයා බලන බවත් අඩවි සහකාර විජය කුමාර මහතා පවසා සිටියේය.