මාස 6 ශ්‍රීපාදයට ප්ලාස්ටික් බෝතල් මිලියනයක් මුදා හැරලා
මෙවර ශ්‍රීපාද වන්දනාව පැවැති පුරා මාස 06 ක කාලයතුළ නල්ලතන්නිය -ශ්‍රීපාද මාර්ගයෙන් ශ්‍රී පාද වන්දනාව සඳහා පැමිණි ලක්ෂ සංඛ්‍යාත දේශීය වන්දනාකරුවන් විසින් පරිසරයට මුදාහරින ලද දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ප්රමාණයලක්ෂ 10කට අධික බව වාර්තාවේ.
අඹගමුව ප්‍රාදේශිය සභාවේ කසළ බැහැර කිරීමේ අංශය විසින් මෙම ප්ලාස්ටික් බෝතල් තොගය රැස්කළ බවත්,එම ප්‍රාදේශිය සභාවේ නල්ලතන්නිය කසළ එක් රැස් කරන මධ්‍යස්ථානයේ ස්ථාන භාර නිලධාරී ඒ.ඩබ්. හේමන්ත මහතා පැවසීය.
නල්ලතන්නියේ සිට ශ්‍රීපාද මළුව දක්වා මෙම ප්ලාස්ටික් පානීය ජල බෝතල් හා පැණි බීම බෝතල් පරිසරයට මුදාහැර තිබූ බව පවසන හේමන්ත මහතා,එළඹෙන ශ්‍රීපාද වන්දනා සමයේදී හෝ ශ්‍රීපාද පුදබිමේ වටිනා පරිසරයට දිරා නොයන ප්ලාස්ටික් බෝතල් ඇතුළු ඝන අපද්‍රව්‍ය මුදාහැරීමෙන් වැළකී, පරිසර හිතකාමී අයුරින් වන්දනාවේ යෙදෙන ලෙස සමස්ත දේශීය වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.
මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

