ඉදිරි දෙමස තුළ තනි පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධ විපක්ෂය සමග එක්ව ඒකාබද්ධ විපක්ෂයේ අගමැතිවරයෙකු පත් කිරීමට කටයුතු කරන බව වරාය නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා අද (17දා) ගාල්ලේදී පැවසීය.
ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති රැස්වීමකින් අනතුරුව මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මෙසේ පැවසීය.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා මේ පක්ෂය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට බන්දේසියක තියලා බාර දුන්නා. ඒ බාරදීලා නිකන් හිටියේ නෑ. 2015 අගෝස්තු 17 කුරුණෑගලින් ඡන්දේ ඉල්ලුවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ එකොළහක් අපේ හිටියා. ඒක දාහතරක් කරන්න තමයි අපි ඉල්ලුවේ. ඒක බැස්ස අටට. ඉතින් අපි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාට කියනවා ඔබතුමා අයේ තරඟ කරන්නේ නෑ. තරඟ කරන්න බෑ. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එක්ක අත්වැල් බැඳගෙන ඉදිරි මාස දෙක ඇතුළත ඒකාබද්ධ විපක්ෂයේ අගමැතිවරයෙක් පත් කරලා අපි අලුත් ආණ්ඩුවක් හදන්න කටයුතු කරනවා
2020 වෙනකන් ඉන්න වුවමනා නෑ. තනිපක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපි ඒකාබද්ධ විපක්ෂය එක්ක ඒකරාශීවෙලා ඒකාබද්ධ විපක්ෂයෙන් අගමැති කෙනෙක් පත් කරන්න අපි කටයුතු කරනවා.
කිසියම අයෙකුට චෝදනාවක් තියෙනවා නම් චෝදනාව විභාග වෙන්න ඕනේ. සී.අයි.ඩී එකට එෆ්.සී.අයි.ඩී එකට පැමිණිල්ලක් ගියාම ඒවා විභාග කරනවා. ඒ ඒ ආයතන වලට ලැබෙන පැමිණිලි මත ඒ ඒ ආයතන ක්‍රියාත්මක වෙනවා. රාජපක්ෂ පවුල උසාවි දාලා හිර කරන්න උත්සාහ කරනවා නම් අපි ඒකට විරුද්ධයි.
හිනිදුම රවීන්ද්‍ර ශ්‍රීලාල්