මාවනැල්ල කලාපයට අයත් හෙම්මාතගම පහන්තිබුගල සහ මැදිලිය යෝධගම කන්ද යන ප්‍රදේශ අවදානම් කලාප ලෙස නම්කිරීමෙන් පසු එම ප්‍රදේශවල පවුල් ඉවත් කිරීම ඊයේ ( 24දා) සවස සිදුකරනු ලැබීය.
හන්තිබුගල පාමුල දුම්බුළුවාව ගල්කොන ප්‍රදේශයේ පවුල් 65 ක් පමණත් යෝධගම කන්ද පාමුල පවුල් 27 ක් පමණ ඉවත් කරන ලද බව එම ප්‍රදේශවල ග්‍රාම නිලධාරීහු පැවසූහ.
මෙම පිරිස හෙම්මාතගම කපුරැක්ක විහාරස්ථානයේ සහ මැදිලිය රාජ මහා විහාරයේ රඳවා සිටිති. ඔවුන්ට අවශ්‍ය පහසුකම් ඇතුළු අනෙකුත් අවශ්‍යතා අරණායක හා මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ලබාදීම සිදු කරයි. මේ වන විට මෙම අවතැන් කඳවුරු දෙකෙහි 450 කට ආසන්න පිරිසක් සිටින බවද නිලධාරීහු පවසති.
සමන්විජය බණ්ඩාර