මාවනැල්ල ප්රාදේශිය සභාවේ හිටපු සභාපති කේ.ජි. පියතිස්ස මහතාට එරෙහිව පනවා තිබූ මරණ දඬුවම ඉවත් කළ අභියාචනා අධිකරණය ඔහු නිදොස් කොට නිදහස් කිරිමට අද ( 08දා) නියෝග කළේය.
මීට වසර 12කට පෙර වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු වු මාවනැල්ල ප්රාදේශිය සභාවේ සභාපති කේ. ජී. පියතිස්ස මහතාට කෑගල්ල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර විනිසුරිය 2013 වසරේදී මරණ දඬුවම නියම කළේය.
කොළඹ නුවර ප්රධාන මාර්ගයේ මාවනැල්ල බෙලිමුල්ල ප්රදේශයේ 2003 / 2 / 12 දින මෙම ඝාතනය සිදුවිය.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර