පළාත් පාලන මැතිවරණයේදි මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ බලය පිහිටවීමේදි ලැබී ඇති ප්‍රතිඵල අනුව අර්බුදකාරි තත්වයක් ඇති බව දේශපාලන ආංරචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභිකයන් 16 දෙනෙකු සහ එක්සත් ජාතික පක්ෂය සභිකයන් 16 ක් ලෙස තේරි පත් වී ඇති අතර මෙම පක්ෂ දෙකේ ජන්ද පරතරය 830 කි. ඒ අනුව වැඩි ජන්ද එජාපය ලබා තිබුණත් සභික සංඛ්‍යාව 16 ලෙසින් පක්ෂ දෙක සමානව ලබා ගෙන ඇත.
එමෙන්ම මෙම ජන්ද ප්‍රතිඵලය අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානයට සභිකයන් 5 දෙනෙකු තේරි පත් ව ඇති අතර ජනතා විමුක්ති පෙරමුණ, ස්වාධින කණ්ඩායම් 1, ජාතික ජනතා පක්ෂය යන පක්ෂ තුන සභිකයන් එක් අයෙකු බැගින් පත් ව ඇත.
ඒ අනුව එජාපයට හෝ පොදුජන පෙරමුණට බලය පිහිටුවීමට නම් අන් පක්ෂ වල සහාය ලබා ගැනිමට සිදු වන බවද පැවසේ.
මාවනැල්ල හෙම්මාතගම විජය බංඩාර