මඩකලපුව දිස්ත්රික්කයේ කොක්කොඩිචෝලෙයි පොලිස් වසමට අයත් මාවඩිමුන්මාරි විඩුදික්කල්හි කුණු දැමීමේ ස්ථානයේ සිදුවූ ගිනි ගැනීමෙන් අනතුරුව කුණු දැමීමට විරුද්ධව ජනතාව උද්ඝෝෂණයක නිරත වෙති.
ඊයේ (02දා) සවස මන්මුනේ නිරිත ප්රාදේශීය සභාව විසින් රැස් කරන කුණු දැමීමේ විඩුදික්කල්හි විශාල ගිනි ගැනීමෙන් ජනතාවන් අපහසුතාවයට ලක්වූහ.මෙම ගින්න මෙතෙක් පාලනය නොවූ නිසා ජනතාවන් උද්ඝෝෂණයේ නිරත වන අතර, කුණු දැමීමට පැමිණි ට්රැක්ටර් හරස් කර උද්ඝෝෂණයේ නිරත වූහ.
මෙම ස්ථානයට පැමිණි මන්මුනේ නිරිත ප්රාදේශීය සභාවේ ලේකම් හා කොක්කොඩිචෝලෙයි පොලිස් ස්ථානාධිපතිවරයා විරෝධතාකරුවන් සමග සාකච්ඡා කළද අදාළ ස්ථානයේ කුණු ආරක්ෂා සහිතව දැමීමට කටයුතු කරන තෙක් කුණු දැමීමට අනුමත කළ නොහැකි බව විරෝධතා පිරිස් පැවසූහ.
මඩකලපුව - ජවුෆර් ඛාන්