මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය විධිමත් ලෙස පවත්වාගෙන යාම සඳහා රජයේ භාරකාරත්ව මණ්ඩලයක් පත්කරන ලෙසට ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ලිඛිතව ඉල්ලා සිටි බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමවුපිය සංසදය සඳහන් කරයි.
උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුව ඇතැම් මන්ත්‍රීවරුන් මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීම පිළිබඳව %බහුබූත^ දොඩවමින් තිබෙන බව එම සංසදයේ කැඳවුම්කරු ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
එහෙත් මෙම ආයතනයේ ඉගෙන ගන්නේ මෙරටේ දරුවන් බවත්, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් සියලුම වියදම් දරන්නේ දෙමවුපියන් විසින් බවට සියලුම දෙනා දැනගත යුතු බවත් ඔහු පවසා සිටියේය.