මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අභියෝග කිරීමට කිසිවෙකුටත් හැකියාවක් නොමැති බව මාලඹේ වෛද්‍ය විද්‍යාල දෙමාපිය සංසදය සඳහන් කරයි.
මාලඹේ වෛද්‍ය විද්‍යාලයේ අයිතිවාසිකම් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කර තිබෙන බවත්, මාලඹේ වෛද්‍ය විද්‍යාලය වසා දමන ලෙසට හෝ රජයට පවරා ගන්නා ලෙසට මේ අනුව කිසිවෙකුටත් සඳහන් කළ නොහැකි බවද එම සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
මේ නිසා මාලඹේ වෛද්‍ය විද්‍යාලයට රජයේ භාරකාර මණ්ඩලයක් පත්කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් මේ සතිය තුළ ඉල්ලා සිටීමට කටයුතු කරන බවද පවසා සිටියේය.
අද (17දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඒ මහතා මේ බව සඳහන් කළේය.