තම වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන් 900 කට අධික පිරිසකගේ අධ්‍යාපනයට බාධා නොකරන ලෙස ඉල්ලා හෙට (18දා) ජනතා විමුක්ති පෙරමුණට සංදේශයක් භාරදෙන බව මාලඹේ වෛද්‍ය විද්‍යාලයීය ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව සඳහන් කරයි.
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපනයට බාධා වන අයුරින් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් විවිධ ප්‍රකාශ සිදුකරන බවත්, මේ නිසා සිය අධ්‍යාපන කටයුතුවලට බාධා නොකරන ලෙස ඉල්ලා පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයාට සංදේශය භාරදෙන බවත් එම කමිටුවේ සම කැඳවුම්කරු ප්රගීත විමලචන්ද්‍ර මහතා සඳහන් කළේය.