මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය නියාමනය කිරීම සඳහා නියාමන කොමිසමක් පත් කරන ලෙසට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටි බව මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ දෙමාපිය සංසදය සඳහන් කරයි.
මෙම වෛද්‍ය විද්‍යාලය තුළ වෛද්‍යවරුන් 150 කගේ දරුවන් අධ්‍යාපනය හදාරන බවත්, එම පිරිසෙන් දරුවන් 50 කට වැඩි ප්‍රමාණයක් විශේෂඥ වෛද්‍යවරුන්ගේ දරුවන් බවද එම සංසදයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේය.
අද (17දා) පැවති මාධ්‍ය සාකච්ඡාවේදී මේ බව සඳහන් කළ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ වෛද්‍ය විද්‍යාලයේ කටයුතුවලට යම් යම් පිරිස් බාධා කිරීම සිදුකරන බවත්ය. එසේ බාධා කිරීම් සිදුකරන සුළු පිරිසට එරෙහිව ක්‍රියාමාර්ග ගන්නා ලෙසට හෙට (18දා) ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන බවද පවසා සිටියේය.