සාක් කථානායකවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ සංගමය තම සාමජිකයන් අතර මාලදිවයින වැදගත් සාමාජිකයෙකු ලෙස සලකන අතර, එම නිසා කලාපයට අහිතකර ලෙස බලපාන ආකාරයට රටෙහි දැනට ඇතිව තිබෙන තත්ත්වය සහ ඇතිවෙමින් තිබෙන තත්ත්වයන් සම්බන්ධයෙන් තම දැඩි අවධානය යොමු කරන බව කථානායක කරු ජයසූරිය මහතා මාලදිවයින් කථානායකවරයා අමතා ප්රකාශ කර තිබේ.
මාලදිවයින තුළ වර්තමානයේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳ සාක් කථානායකවරුන්ගේ සම්මේලනයේ සභාපතිවරයා ලෙස ශ්රී ලංකා පාර්ලිමේන්තුවේ කථානායක කරු ජයසූරිය මහතා මාලදිවයින් කථානායකවරයා අමතමින් නිකුත් කළ විශේෂ පණිවුඩයේ මේ බව සඳහන් කර ඇත.
එම විශේෂ ලිපිය පහතින් දැක්වෙයි.