පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතා සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) නන්ද මල්ලවආරච්චි මහතාගේ ඇරයුමක් මත මාලදිවයින් ජනරජයේ පොලිස්පති හුසේන් වහීඩ් මහතා සිව්දින නිල සංචාරයක් සඳහා හෙට (06දා) රාත්රියේදී ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත බව පොලිස් මූලස්ථානය කියයි.
දෙරටේ පොලිස් සේවාවන් වල කාර්යයන්ට අදාලව ද්විපාර්ශික සාකච්ඡා පැවැත්වීමට නියමිත බවත් විශේෂයෙන්ම නීතිය හා සාමය සම්බන්ධව දෙරට අතර ඇතිකරගෙන තිබෙන අවබෝධතා ගිවිසුම් වල ප්‍රගතිය සම්බන්ධයෙන්ද මෙහිදී අවධානය යොමුවනු ඇති බවත් පොලිස් මූලස්ථානය වැඩිදුරටත් පවසයි.