ෙජාත්යන්තර මූලය අරමුදලෙන් ශ්‍රී ලංකාවට සැපයෙන මීළඟ ණය වාරිකය ලබන මාර්තුවේ නිදහස් කිරීමට පෙර තෙල් මිල හා විදුලි බිල ඉහළ දැමිය යුතු බව මූල්‍ය අරමුල රජයට නිර්දේශ කර තිබේ.
ජාත්‍යන්තර වෙළඳපොළේ ඉන්ධන මිල ගණන්වලට ගැලපෙන ලෙසට මිල සූත්‍රයක් ක්‍රියාත්මක කළ යුතු යැයිද ජාත්‍යන්තර අරමුදල නිර්දේශ කර තිබේ
රජය මාර්තුවලට පෙර ඉන්ධන හා විදුලිය ගාස්තු ඉහළ නොදැමුවහොත් මාර්තු මාසයේ නිදහස් කළ යුතු ඇමෙරිකානු ඩොලර් මිලියන 165ක ණයක වාරික නිදහස් නොකෙරෙනු ඇතැයි මූල්‍ය අරමුදල පවසා ඇතැයිද වාර්තා වෙයි.
ඉරිදා දේශය ඇසුරෙනි