පළාත් පාලන ආයතන මැතිවරණය පැවැත්වීම දිනෙන් දින කල්යමින් තිබෙන බැවින් නව ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනැවිත් පළාත් සභා මැතිවරණය කල්දැමීමට ගන්නා උත්සාහය වහාම නවතා දැමිය යුතු බව 'මාර්තු 12. ව්‍යාපාරය සඳහන් කරයි.
එකම දිනයක පළාත් සභා මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය නම්, එය ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණයකදී සිදුකළ යුතු බවද එම ව්‍යාපාරයේ සාමාජික පැෆරල් සංවිධානයේ විධායක අධ්යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
මේ හේතුවෙන් නිල කාලය අවසන් වන ආකාරයට පළාත් සභාවල මැතිවරණය පවත්වන ලෙස රජයට යෝජනා කරන බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම පවසා සිටියේය.
පළාත් පාලන ආයතන මැතිවරණය කල්දැමීම හේතුවෙන් මීට වසර හතරක සිට කඩින්කඩ එම ආයතනවලට මහජන නියෝජිතයන් නොමැති වූ බවත්, වර්තමානය වනවිට කිසිදු පළාත් පාලන ආයතනයක මහජන නියෝජිතයන් නොමැති බවත් ඒ මහතා සඳහන් කළේය.
මේ හරහා ගැටලු ගණනාවක් නිර්මාණය වී තිබෙන බැවින් පළාත් සභාවලට මෙම තත්ත්වය ඇති නොකළ යුතු බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා කියා සිටියේය.