මෙතෙක් භාවිතයට නොගත් මාර්ග සංඥා සලකුණු විශාල ප්‍රමාණයක් හඳුන්වාදීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇති බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් එච්. එස්. හරිස්චන්ද්‍ර මහතා පැවසීය.
නව මාර්ග සංඥා සහ පැරණි මාර්ග සංඥා ඇතුළත් නව ගැසට් නිවේදනය නුදුරේදීම ප්‍රකාශයට පත්කරන බවත්, එවිට භාවිතයට ගැනෙන මාර්ග සංඥා සලකුණු සංඛ්‍යාව 215කට ආසන්න වන බවත් ඔහු සඳහන් කළේය.