කොළඹ නගරයේ මංතීරු නීතිය කඩකරන හා මාර්ග නීති කඩකරන රියදුරන් සොයා හෙට (04දා) සිලෝන් මෝටර්ස් ට්‍රේඩර්ස් ආයතනය සහ රථවාහන මූලස්ථානයේ නිලධාරීන් එක්ව විශේෂ මෙහෙයමුක් සිදුකරන බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මේ සඳහා සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් යෙදවීමට කටයුතු කරන අතර, ඔවුන් කොළඹ නගරය පුරා සංචාරය කිරීමට නියමිතය.
ඒ අනුව මාර්ග නීති කඩ කරන රියදුරන් හඳුනාගෙන දඩපත් නිකුත් කිරීම හා බරපතළ නීති කඩ කිරීම් සඳහා අධිකරණයේ නඩු පැවරීමට කටයුතු කරන බවත් පොලීසිය සඳහන් කරයි.
මෙම වැඩසටහන හෙට දින කොළඹ නගරයෙන් ආරම්භ කරන අතර ඉදිරිකාලයේදී එය දීප ව්‍යාප්තව සිදුකරන බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.