මාර්ග තදබදය අවම කිරීමට පංචවිධි ක්‍රමවේදයක්
	.jpg) 
රට පුරා මාර්ගවල පවතින මාර්ග තදබදය අවම කිරීමට ඉදිරියේදී පංචවිධි ක්‍රමවේදයක් හඳුන්වාදෙන බව මහජන නීතිය හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මේ අනුව බස්රථ, ලොරි රථ, ත්‍රිරෝද රථ යතුරු පැදි වම් පැත්තෙන් මාවත තීරුවෙන් ධාවනය කළ යුතු බවත්, මෙම නීතිය දැනට කොළඹ ප්‍ර‘දේශය තුළ ක්‍රියාත්මක බවද පවසා සිටියේය.
ඊයේ (23දා) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ඉදිරි දින කිහිපය තුළ ලංකාව පුරාම මෙම නීතිය ඇතුළත්ව නව නීති පහක් ක්‍රියාත්මක කරන බවත්ය. මීට අමතරව එකම අවස්ථාවකදී වාහන දෙකක් ඉස්සර කළ නොහැකි බවත්, මීට අමතරව වම් පැත්තෙන් වාහන ඉස්සර කළ නොහැකි බවද පවසා සිටියේය.\
මාර්ගය අවට වාහන නවතා තැබීමේදී කිසිදු මංතීරුවක් අවහිර කළ නොහැකි බවත්, මගී බස්රථ මගීන් බැස්සවීමට සහ බස්රථය ගොඩකර ගැනීමට බස්රථ නැවත්විය හැක්කේ බස් නැවතුම්පොළ තුළ පමණක් බවද සඳහන් කළේය.
මෙම නීති 05 ඇතුළත් කාඩ්පතක් සෑම රියදුරෙකුටම ඉදිරියේදී ලබාදෙන බවත්, මෙම නීති උල්ලංඝනය කරන්නන්ට එක් නීතියකට රුපියල් 500 ක දඩයක් නියම කිරීමටත් සැලසුම් කර තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය. මීට අමතරව එක් වරදකට ලකුණු 04 ක් අඩුකරන බවද පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

 
                     
  
  
 
 
                     
                                 
                                 
                                 
                                 
  
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                