මාර්ග 15ක වාහන නවතා තැබීම තහනම්
හෙට (01දා) දිනයේ පැවැත්වෙන මැයි දින සැමරුම වෙනුවෙන් කොළඹ ප්‍රදේශයේ මාර්ග 15ක රැලි අවසන් වනතුරු අද (30දා) මධ්‍යම රාත්‍රියේ සිට වාහන නවතා තැබීම තහනම් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙම නීතිය උල්ලංඝනය කරන රථවාහන සියල්ල අදාළ පොලීසි වෙත රැගෙන ගොස් නඩු පවරන බවද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
මේ අනුව අද (30දා) මධ්‍යම රත්‍රියේ සිට හෙට දිනයේ මැයි දින රැලි අවසන් වන තුරු පහත සඳහන් මාර්ගවල වාහන නවතා තැබීම තහනම් වේ.
සංඝරාජ මාවත
මාලිගාවත්ත පාර (සමන්තා හෝල් සිට සංඝරාජ වටරවුම දක්වා)
ජයන්ත වීරසේකර මාවත
පංචිකාවත්ත පාර (සංඝරාජ වටරවුම සිට මරදාන පාලම් හන්දිය දක්වා)
ආනන්ද රාජකරුණා මාවත (පුංචි බොරැල්ල හන්දිය සිට වැලිකඩ බන්ධනාගාර හන්දිය දක්වා)
උද්‍යාන මාවත (මරදාන පාර සිට බේස්ලයින් පාර දක්වා)
ආමර් වීදිය (ආමර් විදුලි සංඥා සිට සංඝරාජ වටරවුම දක්වා)
බේස්ලයින් පාර (ඉංග්‍රම් හන්දිය සිට බොරැල්ල හන්දිය දක්වා)
ගාලු මැද පාර
මාකන් මාකර් මාවත
ජස්ටිස් අක්ඛාර් මාවත
යූනියන් පෙදෙස (ඉබ්බන්වල හන්දිය, කොම්පඤ්ඤවීදිය හන්දිය දක්වා)
ගාමිණී වටරවුම සිට මරදාන පාලම් හන්දිය දක්වා.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

