ශ්‍රී ලංකාවේ දැනට වඩාත්ම දරුණු වෙරළ ඛාදන තත්ත්වය මාරවිල- තල්විල වෙරළ තීරයෙන් වාර්තා වන අතර එය වසරකට කිලෝ මීටර් දෙකක පමණ වෙරළ ප්‍රදේශයක පැතිරී යන බව ගණන්බලා තිබේ.
මේ හේතුවෙන් මාරවිල - තල්විල වෙරළබඩ ප්‍රදේශයේ ජීවත් වන ජනතාවගේ ඉඩම්, දේපළ, වාසස්ථාන හා එදිනෙදා ජීවන තත්ත්වයට බාධා පැමිණෙන අතර ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරික කටයුතුවලට බාධා ඇති වේ.
මෙයට තිරසර විසඳුමක් වශයෙන් වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා පුළුල් විද්‍යානුකූල හා තිරසර විසඳුමක් සෙවීම සඳහා පත් කරන ලද විශේෂඥ නිලධාරි කමිටුව විසින් හඳුනාගෙන ලැබ ඇත. ඒ අනුව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ මගින් මාරවිල - තල්විල වෙරළ තීරයේ වැලි පෝෂණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතය.