තිලක් මාරපන මහතාට විදේශ කටයුතු ඇමති ධුරය ලබාදීම රටේ අවාසනාවක් බව සිහල රාවය සංවිධානයේ මහලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියෝ අද (15දා) පැවසූහ.
තීන්දු තීරණ ගැනීමට සිටින අයගේ දුර්වලකම් මත මෙම පත්වීම සිදුකර ඇති බවත්,මීට පෙර වැරදි ගණනාවකට සම්බන්ධ අයෙකුට ඇමතිධුර ලබාදීම සම්බන්ධව රට තුළ විශාල විරෝධයක් පැනනැගී ඇති බවත් උන්වහන්සේ සඳහන් කළහ.
ජනතාව මුලා කිරීම සඳහා තිලක් මාරපන මහතාට විදේශ කටයුතු ඇමතිධුරය ලබාදී මාස තුනකින් පසුව යළිත් රවි කරුණානායක මහතාට එම ඇමතිධුරය ලබාදීමේ ආණ්ඩුවේ උත්සාහයක් තිබෙන බවද සුදත්ත හිමියෝ පවසා සිටියහ.
බොදුබල සේනා සංවිධානයේ මාධ්‍ය හමුවට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළහ.