ආණ්ඩුවේ අනෙකුත් ඇමතිවරුන් දෙස බැලීමේදී විදේශ ඇමතිධුරයට තිලක් මාරපන මහතා ඉතා සුදුසු අයෙකු බව ඒකාබද්ධ විපක්ෂය සඳහන් කරයි. ඔහු නිර්දෝෂී වී එම තනතුර ලබාගත් බවත්, ඔහුගේ වරදක් දැකිය නොහැකි බවත් ඒකාබද්ධ විපක්ෂය පවසයි.
මේ පිළිබඳ කළ විමසීමකදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා, “තිලක් මාරපන මහතා ඉතා හොඳ මහත්මයෙක්.එතුමා එම තනතුරට සුදුසු බව කිව හැකියි.මීට පෙර ඔහුට විරුද්ධව එල්ලවූ චෝදනා අධිකරණයෙන් නිශ්ප්‍රභා වුණා.
ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නමත් කියවුණ ඇවන්ට් ගාඩ් සිද්ධියේදී ඒ අය ඔක්කොම නිදහස් වුණා. ඇවන්ට් ගාඩ් සිද්ධිය උඩ තමයි තිලක් මාරපන මහතා මීට පෙර ඉල්ලා අස්වුණේ.මේ රජයේ ඉන්න අය දිහා බැලුවාම තිලක් මාරපන විදේශ ඇමතිකමට සුදුසුයි.අනිත් අයට වඩා එයා හුඟක් ඉහළින් ඉන්නවා"යනුවෙන් පවසා සිටියේය.
ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු ප්‍රසන්න රණතුංග මහතා අදහස් දක්වමින්
“තිලක් මාරපන කියන පුද්ගයා සම්බන්ධව අපට ගැටලුවක් නැහැ.එතුමාට අපේ ලොකු ගෞරවයක් තිබෙනවා.එතුමාට එදා චෝදනාවක් එල්ලවෙනකොට මහත්මයෙකු වශයෙන් අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වුණා.එම ඉල්ලා අස්වීමේදී පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ කළේ නෑ,සෙනඟ ගෙනල්ලා උත්සව තිබ්බෙ නැහැ.
එතුමා වැදගත් විදියට අයින් වෙලා එම කාරණය අවසන් වුණාට පසු නැවත එතුමාට අමාත්‍යාංශයක් බාර දුන්නා.එතුමාට තිබුණු චෝදනාව සම්බන්ධව ජාත්‍යන්තරව තිබෙන මතය කුමක් වේද කියන ගැටලුව පමණයි තියෙන්නේ.එසේ නොමැතිව එතුමා සම්බන්ධව අපිට ගැටලුවක් නැහැ. එතුමා බුද්ධිමතෙක් හැටියට,නීතිඥයෙකු හැටියට අපට විශේෂ ගැටලුවක් නැහැ" යනුවෙන් පවසා සිටියේය.