කැබිතිගොල්ලෑව පදවිය මාර්ගයේ සිදුවූ මාරක රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිදෙනෙකු රෝහල්ගත කර ඇති බව කැබතිගොල්ලෑව පොලීසිය පැවසීය.
බරපතළ තුවාල ලැබූ ලොරි රථයේ රියදුරු සහ එහි ගමන් කළ කාන්තාවක් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මෙසේ මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ රත්නපුර ප්රදේශයේ පදිංචිව සිටි අමරසිංහ විතානගේ අජිත් ඉන්දික නැමැති 45 හැවිරිදි පුද්ගලයෙකු හා රත්නපුර ප්රදේශයේ පදිංචි පද්මිණී දිසානායක නැමැති 59 හැවිරිදි කාන්තාවකි
මෙහිදී පදවිය දෙසට ගමන්කළ කුඩා ලොරි රථයක රියදුරුට නින්ද යාම හේතුවෙන් රථය මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් මෙම අනතුර සිදුවී ඇතැයි හෙළිවී තිබේ
සිද්ධිය සම්බන්ධයෙන් කැබතිගොල්ලෑව පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.