එල්.ටී.ටී.ඊ. සංවිධානයට එරෙහිව පැවැති මානුෂීය මෙහෙයුමේදී ඉන්දීය ආරක්ෂක විසින් ශ්‍රී ලංකා ආරක්ෂක අංශ වෙත සහයෝගය දැක් වූ බව සඳහන් කරමින් ඉන්දීය නීතිවේදියෙක් විසින් එරට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.
ඔහු සිය පෙත්සම ඉදිරිපත් කරමින් පවසන්නේ ඉන්දීය පාර්ලිමේන්තුවේ හෝ ජනාධිපතිගේ අනුමැතියකින් තොරව ඉන්දීය ආරක්ෂක අංශ නීතිවිරෝධී අයුරින් ශ්‍රී ලංකාවේ පැවැති මානුෂීය මෙහෙයුමෙට සහභාගීවී ඇති බවයි.
එසේම එහිදී ඇතැම් ආරක්ෂක අංශ සාමාජිකයන් තුවාල ලබා තිබෙන බවත් මෙම පෙත්සම ගොනු කළ නීතිවේදී රාම් ශංකර් පවසයි.
-ටයිම්ස් ඔෆ් ඉන්දියා ඇසුරෙනි