එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේදී මෙන්ම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී ඉදිරියටත් ශ්‍රී ලංකාවට අවශ්‍ය සහාය ලබාදීමට සූදානම් බව චීනය අවාධාරණය කර තිබේ.
එරට නියෝජ්‍ය විදේශ අමාත්‍ය ලියූ ශෙන්මින් හා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර අරලියගහ මන්දිරයේදී ඊයේ (24දා) පැවති හමුවකින් පසුව චීන නියෝජ්‍ය විදේශ ඇමතිවරයා මෙම සහතිකවීම ජනපතිවරයාට දන්වා තිබේ.
මෙවර මානව හිමිකම් සමුළුවේදී චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදුන් සහාය පිළිබඳවද ජනාධිපතිවරයා චීනයට සිය ස්තුතිය ප්‍රකාශ කළේය.
එසේම ශ්‍රී ලංකාවේ ආයෝජන, ආර්ථික, වෙළෙඳාම් හා යටිතල පහසුකම් සඳහා චීනය ලබාදෙන සහාය අඛණ්ඩව ලබාදෙන බවද චීන නියෝජ්‍ය අමාත්‍යවරයා ජනපතිට තහවුරු කර තිබේ. එසේම ඉන්දියානු සාගර කලාපයේද ශ්‍රී ලංකාවට චීනය ඉතාමත් වැදගත් සහායක් බවත් ලියූ ශෙන්මින් ඇමතිවරයා දන්වා තිබේ.