මාධ්‍යවේදීන්ට සහන මිලට යතුරුපැදි ලබා දීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතාගේ අනුමැතිය අද (26දා) හිමි විය. මෙම අනුමැතිය හිමිවී ඇත්තේ ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමග අද පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.
ශ්‍රී ලාංකීය පුරවැසියකු වීම, වසර පහක කාලයක් ක්ෂේත්රයේ රැඳී සිටීම, රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වී සිටීම හා යතුරුපැදි පැදවීමේ බලපත්‍රයක් හිමි වීම මේ සඳහා සපුරාලිය යුතු සුදුසුකම් වෙයි.