ජනමාධ්‍යවේදීන්ගේ නිවාස සිහිනය සැබෑකිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
මාධ්‍යවේදීන් වෙනුවෙන් ඉදිකිරීමට නියමිත නිවාස සංකීර්ණයට අදාළ ඉඩමේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් අමාත්‍යවරයා අද (25දා) මේ බව පැවසීය.
හෝමාගම දියගම ප්‍රදේශයේ ගුවන් විදුලි සංස්ථාවට අයත් අක්කර 100 ක භූමිභාගයක මෙම නිවාස සංකීර්ණය ඉදිකිරීමට නියමිතය.
මේ යටතේ නිවාස 1500 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වන අතර, මාධ්‍යවේදීන්ට සහන පදනම මත නිවාස ලබාදීමට තීරණය කර තිබේ.
ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක, අමාත්‍යාංශ ලේකම් කරුණාරත්න පරණවිතාරණ, ගුවන්විදුලි සංස්ථා සභාපති නන්ද මුරුතෙට්ටුවේගම මහත්වරු ඇතුළු නිලධාරීහු නිරීක්ෂණ චාරිකාවට එක්වූහ.