මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව (CPJ) නම් වූ සංවිධානය විසින් නිකුත්කළ නවතම වාර්තාවකට අනුව මාධ්‍යවේදීන් සඳහා අනතුරුදායකම රටවල් අතරට ශ්‍රී ලංකාවද එක්ව තිබේ. එම වාර්තාවේ ශ්‍රී ලංකාව සිවුවැනි ස්ථානයේ පසුවෙයි.
2004 වසරේ සිට 2013 වසර දක්වා ඒ ඒ රටවලදී මාධ්‍යවේදින් ඝාතනය කිරීමේ ප්‍රමාණය පදනම් කරගෙන ඔවුන් මෙම දර්ශකය ගණනය කර තිබේ.
නමුත් මෑත කාලීනව සිරියාවේදී සිදුවූ මාධ්‍යවේදීන් පැහරගෙනයාම්, ඔවුන්ව ඝාතනය කිරීම් මෙන්ම ඔවුන්ට කරනු ලැබූ අඩත්තේට්ටම් හේතුවෙන් මාධ්‍යවේදීන් සඳහා අනතුරුදායකම රට සිරියාව වන බව ඇමෙරිකාවේ නිව්යෝර්ක් නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන මාධ්‍යවේදීන් ආරක්ෂා කිරීම සඳහා වූ කමිටුව පෙන්වාදෙයි.
2004 සිට 2013 වසර දක්වා මාධ්‍යවේදීන් වැඩිම පිරිසක් ඉරාකයේදී ඝාතනය වී තිබෙන හෙයින් අදාළ දර්ශකයේ ඉරාකය ඉදිරියෙන්ම පසුවෙයි.
එසේම මෙම දර්ශකය ගණනය කිරීමේදී මාධ්‍යවේදී ඝාතන සඳහා විසඳුම් නොලැබීමද සලකා බලනු ලබයි.
මාධ්‍යවේදීන් සඳහා අනතුරුදායකම රටවල් 13
01 ඉරාකය
02 සෝමාලියාව
03 පිලිපීනය
04 ශ්‍රී ලංකාව
05 සිරියාව
06 ඇෆ්ගනිස්තානය
07 මෙක්සිකෝව
08 කොලොමිබියාව
09 පාකිස්තානය
10 රුසියාව
11 බ්‍රසීලය
12 නයිජීරියාව
13 ඉන්දියාව