ප්‍රවීණ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයකොට ඇත්තේ රාජ්‍ය බුද්ධි අංශයේ හිටපු අධ්යක්ෂ කපිල හෙන්ද්‍රවිතාරණ යටතේ ක්‍රියාත්මක වූ කණ්ඩායමක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (20 දා) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත්කර ඇත.
ඒ අනුව මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයකර ඇත්තේ වෙඩි තැබීමකින් නොවන අතර, තියුණු ආයුධයකින් හිසට පහර දීමෙන් මෙම මරණය සිදුවී ඇති බව එතුමාගේ දේහය ගොඩගෙන සිදුකළ පරීක්ෂණ වලින් තහවුරු වූ බව එම දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දී ඇත.