දිවයින පුවත්පතේ මාධ්‍යවේදියෙකුට සහ රියදුරෙකුට බැණ තර්ජනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් සැකකරුවෙකු මේ මස 18 වැනි දින දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
කුරුඳුවත්ත පොලීසියට ලැබී තිබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන අළුත්කඩේ අංක එක මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බව පොලීසි මූලස්ථානය සඳහන් කළේය.
ඊයේ (05දා) දිවයින මාධ්‍යවේදියා මාධ්‍ය සාකච්ඡාවකට තම ආයතනයට අයත් රථයකින් ගමන් කරමින් සිටින විට මෙම බැණ තර්ජනය කිරීම සිදුකර තිබේ. මෙහිදී රියදුරට පහරදීමක් සිදුව තිබෙන බවද වාර්තා වේ.