මාධ්‍යවේදිනී මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කොට ඇගේ ජංගම දුරකථනය කොල්ලකෑ බවට චෝදනා ලැබ සිටින ‘පේන්ට් බාස්’ට එරෙහි නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ඔහුට මරණ දඩුවම නියම කිරීමට කොළඹ මහාධිකරණය අද (05දා) කටයුතු කළේය.
දීර්ඝ කාලයක් පුරා පැවැති නඩු විභාගයකින් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරෙණි. මාධ්‍යවේදිනියක වන මෙල් ගුණසේකර මහත්මිය ඝාතනය කරන ලද බවට චෝදනා ලැබූයේ ල් ගුණසේකර මහත්මියගේ නිවස වර්ණ ගැන්වීම සඳහා පැමිණි බව කියන ඒ. ජොර්ජ් හෙවත් ‘පේන්ට් බාස්’ නමැත්තාය.
පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා අධිකරණයට සහාය විය.