ලංකාදීප පුවත්පතේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වූ දුෂ්‍යන්ත සමරසේන මහතා අද (30) අභාවප්‍රාප්ත විය. උපාධිධරයකු වන සමරසේන මහතා ලංකාදීප පුවත්පත විජය පුවත්පත් සමාගමෙන් ප්‍රකාශයට පත් කිරීම අරඹද්දී එයට සම්බන්ධව සිටි අයෙකි.
ඔහුගේ බිරිය මීට පෙර මියගොස් සිටි අතර සමරසේන මහතා දියණියන් දෙදෙනකුගේ පියෙකි. ඔහු මාතර තලල්ලේ දී උපත ලබා ඇත.
ශ්‍රී ලංකාවේ පත්තර කලාවේදීන්ගේ සංගමයේ ලේකම්වරයකු ලෙස සුවිශේෂ කාර්යභාරයක් ඉටු කළ සමරසේන මහතා 'ලේකම්තුමා' යන සුරතල් නාමයෙන් සඟයෝ හැදින්වුහ. අවමගුල කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.
උපුටා ගැනීම ලංකාදිප පුවත්පත