මාතලේ නගරය ඇතුළු ප්‍රදේශ ගණනාවක් වෙත මත්කුඩු බෙදාහරිනු ලැබූ අඹුසැමි යුවළක් ස්ථාන දෙකකදී මත්කුඩුත් සමග අත්අඩංගුවට ගත් බව මාතලේ පොලීසිය කියයි.මොවුන් මාතලේ කළුදැවල නරිකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවන්ය.
කලක සිට ඉතා සූක්ෂම අයුරින් මත්කුඩු අලෙවිකරණ බවට මාතලේ පොලීසියට ලද තොරතුරක් මත සැකකරු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 410ක් පොලිස් භාරයට ගත් අතර, සැකකාරිය පදිංචි නිවස පරීක්ෂා කිරීමේදී ඇගේ තිසර පටය තුළ තිබී මිලිග්‍රෑම් 370 ක් පොලිස් භාරයට ගෙන තිබේ.
සැකකාරිය අත්අඩංගුවට ගැනීම සඳහා උපාය දූතයෙකු සහාය ලබාගත් බව පොලීසිය පවසයි. සැකකරුවන් මාතලේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මාතලේ කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය වැටලීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වනිගසේකර මහතාගේ උපදෙස් පරිදි පොලිස් නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
මාතලේ රවීන්ද්‍ර විරාජ්