මහනුවර හා මාතලේ දිස්ත්රික්කයට පවතින වැසි තත්ත්වය නිසා එම දිස්ත්රික්කවල පිහිටි කඳු නායයාම හා පස් කඳු කඩාවැටීම් සිදුවිය හැකි බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.
මේ නිසා අදාළ ප්ර‘දේශවල ජීවත්වන ජනතාව නායයාම් ලක්ෂණ දුටු වහාම ආරක්ෂිත ස්ථානවලට යන ලෙසද එම අනායතනය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම අනතුරු ඇඟවීම හෙට (30දා) උදෑසන 8.00 දක්වා වලංගු බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කරයි.