මාතලේ රත්තොට ඇල්කඩුව කඹරගල ප්‍රදේශයන් හරහා ඊයේ (07දා) රාත්‍රි කාලයේ ඇතිවූ තද සුළං තත්වයක් හේතුවෙන් පවුල් 55ක් අවතැන් වී ඇතැයි අපදා කලමණාකරන මධ්‍යස්ථානය පවසයි.
අධික වර්ෂාවත් සමග ඇතිවූ අධික හුලං තත්වය හේතුවෙන් හගරන්කන්ද වතු නිවාස පේලීයේ ටකරන් වහල ගැලවි යාම නිසා එහි ජිවත් වු පවුල් 55 හි 200ක් පමණ වු ජනතාව අවතැන් වී ඇත.
ඒ අනුව මෙම පිරිස ඇල්කඩුව හුණුගල විද්‍යාලයේ පිහිටුවන ලද තාවකාලික සහන කදවුර වෙත යොමු කිරිමට රත්තොට ප්‍රදේශීය ලේකම් කාර්යාලය පියවර ගෙන තිබේ.
අවතැන් වුවන් සදහා අවශ්‍ය ආහාර ද්‍රව්‍ය හා අනෙකුත් පහසුකම් මාතලේ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්තානය මගින් ලබා දිමට පියවර ගත් බව එහි දිස්ත්‍රික් කළමණාකරු සහකාර අධයක්ෂක චමින්ද අමරවීර මහතා පැවසීය.
මාතලේ රවින්ද්‍ර විරාජ් අභයසිරි