මාතර නගරයේ පවතින ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන හිඟයක් පැවැතීම හේතුවෙන් මාතර නගරයේ වාහන හිමියෝ බලවත් අපහසුතාවට පත්ව සිටිති.
මාතර නගරයේ පවතින ඉන්ධන පිරවුම්හල් 6න් ඉන්ධන නිකුත් කරන්නේ එක් ඉන්ධන පිරවුම්හළක පමණි. එහෙයින් එම ඉන්ධන පිරවුම්හළ ඉදිරිපිට දැඩි වාහන තදබදයක් පවතී.
IOC ආයතනයට අයත් ඉන්ධන පිරවුම්හල්හි පවසන්නේ ඊයේ රාත්රියේ සිදුකළ ඉන්ධන මිල අඩුකිරීම පිළිබඳව තමන්ට දැනුම් දීමක් නොකළ බවයි.