අඩි 53 ක පමණ දිගින් යුත් නිල් තල්මසෙකු ඊයේ (01දා) රාත්‍රියේ මාතර, කඹුරුගමුව මුහුදු තීරයට ගොඩගසා තිබේ. පසුව ප්‍රදේශවාසින් එය මාතර පොලීසියට හා වනජීවි ඒකකය දැනුම්දී තිබේ.
මෙම නිල්තල්මසාගේ වලිගය ප්‍රදේශයේ දරුණු තුවාලයක් සිදුවී තිබෙන අතර එය නැවකට හසුවීමෙන් හෝ ධීවරයන් එල්ල කළ ප්‍රහාරයකින් වුවාද යන්න තවමත් අනාවරණයවී නොමැත.
වනජීවි ඒකකයේ පශු වෛද්‍යවරයා පැමිණීමෙන් පසුව මරණ පරීක්ෂණය සිදුකර කඹුරුගමුව එම ස්ථානයේම භූමදානය සිදුකරන බව වනජිවි ඒකකයේ නිලධාරියෙක් පැවසීය.
දුර්ලභ ගණයේ මෙම සත්ත්වයා දැක බලා ගැනිමට අති විශාල පිරිසක් කඹුරුගමුව ප්‍රදේශ වෙත පැමිණ සිටියහ.