මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍රකරගනිමින් පැවැත්වීමට නියමිත 2015 දැයට කිරුළ ප්‍රදර්ශන භූමි දෙක හා අවට මං මාවත්, ජලය, විදුලිය ඇතුළු සියලු පොදුපහසුකම් නංවාලීමට රු.මිලියන 10,000ක් වැයවනු ඇතැයි රජය පවසයි.
දැයට කිරුළ හා සමගාමීව මාතර, කඹුරුගමුව, කොටවිලවත්ත සම්පූර්ණයෙන්ම නව නගරයක් සේ නවීකරණය කිරීමට නියමිතව ඇති බවද පැවසෙයි.
මීට අමතරව මාතර වැල්ලමඩම මහින්ද රාජපක්ෂ විදුහල අවට අක්කර 24ක භූමිය පොදු පහසුකම්වලින් සම්පූර්ණ කිරීමටද යෝජිතය.
ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් අමාත්‍යංශය ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන එක්ව මාතර ජනතා සුබසෙත උදෙසා නව සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇති බවද රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.