දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගාල්ල පින්නදූව සිට මාතර ගොඩගම දක්වාවු කොටස අද (15දා) විවෘත කරන හෙයින් අද (15 දා) විශේෂ රථවාහන සැලැස්මක් පස්වරු 3.30 සිට ක්රියාත්මක බව පොලීසිය සඳහන් කරයි. ඒ අනුව,
01. අකුරැස්ස සිට මාතර දක්වා ධාවනයවන වාහන මාලිම්බඩ හන්දියෙන් වමට හැරී වැල්ලතොට පාලම, පඤ්ඥාසීහගම හන්දිය, අමුගොඩ පාලම, පෙත්තරේ පාලම, ගොඩගම හන්දිය, තිහගොඩ හන්දිය, නාදුගල හන්දිය, තුඩාව පොම්පාගාරය, ගබඩාවීදිය හරහා මාතරට ගමන් කළ යුතු බවත්
02. මාතර සිට අකුරැස්ස දක්වා ගමන් කරන වාහන මාතර අකුරැස්ස මාර්ගයේ රාහුල හන්දියෙන් දකුණට හැරී ගබඩාවීදිය හන්දිය, හක්මන පාර, තිහගොඩ හන්දයෙන් වමට හැරී ගොඩගම හන්දිය, පෙත්තරේ පාලම, අමුගොඩ පාලම, පඤ්ඥාසීහගම හන්දිය, වැල්ලතොට පාලම හා මාලිම්බඩ හන්දියෙන් දකුණට හැරී අකුරැස්ස දක්වා ගමන් කළ යුතු බවත් පොලිස් මූලස්ථානය පවසයි.