(VIDEO) හිලරි ක්ලින්ටන් ඇමෙරිකානු ජනාධිපතිවරණයේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂිකාව ලෙස ජනපති බරැක් ඔබාමා නිල වශයෙන් ප්රකාශයට පත් කර තිබේ.
ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් හිලරි සමග දැඩි තරගයක නිරත වූ වර්මොන්ට් සෙනෙට් සභික බර්නි සැන්ඩර්ස් සමග සාකච්ඡාවකින් පසුව ජනපති ඔබාමා නිල වශයෙන් මෙම ප්රකාශය සිදුකර ඇති බව විදෙස් වාර්තා පවසයි.
හිලරි විසින් සිය සමාජජාල අඩවි වෙත ඉදිරිපත් කර ඇති වීඩියෝවක දැක්වෙන්නේ ඔබාමා ඇය වෙනුවෙන් සහාය පළ කරමින් සිදුකරන ප්රකාශයකි.
එහිදී, ඔබාමා පවසන්නේ ජනාධිපති ධුරය සඳහා වඩාත් සුදුසුකම්ලාභී පුද්ගලයා හිලරි විය හැකි බවයි.
ඒ අනුව, ඔබාමා සහ හිලරි ඉදිරියේදී එක්ව ඡන්ද සටනට පිවිසීමට සූදානමින් සිටින බවද එම වීඩියෝවේ දැක්වෙයි.
"මේ සුවිශේෂී ගමන් මගේ ආරම්භයේ සිට අවසානය තෙක්ම මා සමග සිටි අයට මා පවසන්නේ මා ඇය සමගයි. ඇගේ ඡන්ද සටන සමග එක්වීමට මා දැන් පසුවන්නේ නොඉවසිල්ලෙන්..." යැයි ඔබාමා පවසයි.
ඔබාමා සහ හිලරි 2008 වසර ඡන්ද සටනේ ඩිමොක්රටික් පක්ෂ අපේක්ෂකත්වය වෙනුවෙන් තරගකළ අපේක්ෂකයන් දෙදෙනා වීමද විශේෂත්වයකි.
VIDEO